“අපේ වටිනාකම්වල භාරකරුවා ඔබයි”
ඉතාම ලාබාල අවධියක සිටම මමත්, මගේ සොහොයුරනුත් අප පවුල තුළ සුරැකිව පැවති සවිමත් වටිනාකම් ගොන්නක පරිචය ලබා ගත්තෙමු. අප 1987 වර්ෂයේ MAS ආයතනය ආරම්භ කරන විටදී ඒ වෙතද මේ වටිනාකම් රැගෙන ආ අතර ඒවා MAS ආයතනයේ DNA දාමය තුළ වැදගත් පුරුක් බවට පත් විය.
MAS ආයතනයේ සමාරම්භයේ සිටම නිහතමානී බව, විශ්වාසය හා අන්‍යෝන්‍ය ගරුත්වය, අවංක භාවය හා අව්‍යාජත්වය, වගකීම් සහිත නිදහස සහ විශිෂ්ටත්වයේ අභිලාෂය අප ව්‍යාපාර කටයුතු සිදු කළ ආකාරය හැඩගැස්වූ සාරධර්ම විය. ආයතනයේ විකාශනයත් සමග. MAS ආයතනයේ ව්‍යවසායකත්ව ස්වභාවය සහ ප්‍රජාව කෙරෙහි ඇති කැපවීම පිළිබිඹු කිරීමට අපි තවත් සාරධර්ම දෙකක් එකතු කෙළෙමු, එනම් ව්‍යවසායිකබව සහ නවෝත්පාදනය සහ කෘතවේදීබව වේ. මේ සාරධර්ම සිය ජීවන පිළිවෙත කරගත් වෘත්තිකයන් අප හා එක් කොට ගනිමින් ඒවා තවදුරටත් සුරැකිව පවත්වා ගැනීමට අපි කටයුතු කළෙමු.
අද වන විට අපගේ වටිනාකම් සහ ව්‍යාපාරික ආචාරධර්ම පිළිබඳව ඉමහත් පිළිගැනීමක් හා ගරුත්වයක් හිමි කරගෙන තිබෙන අප ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතනයකි.
අප බහුජාතික සමාගමක් බවට පත් වීමට අපේක්ෂා කරන බැවින් සදාකල් සුරැකිව තබා ගැනීමේ වගකීම දරන ඔබ වෙත විශ්වාසය තබමින් අපගේ ඒ වටිනාකම් සහ ව්‍යාපාරික සදාචාරය රැක ගැනීම පිළිබඳව ඔබ වෙත ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නෙමි. චර්යා ධර්ම සංග්‍රහය අපගේ ආයතනයේ විකාශනය පුරාවටම අප පවත්වා ගෙන ආ වටිනාකම් හා ආචාරධර්මයන් පැහැදිළිව විස්තර කරන්නේ යැයි මම විශ්වාස කරමි.
මාගේ අපේක්ෂාව වන්නේ ඔබේ දෛනික වැඩකටයුතුවල යෙදෙන අතර මෙම චර්යා ධර්ම සංග්‍රහය තුළින් මග පෙන්වීම ලබමින් ඔබ මෙම ආයතනයේ වටිනාකම් පිළිබඳ භාරකරුවන් බවට පත්වනු ඇති බවයි.
MAS හි උරුමය ආරක්ෂා කිරීම සහ අප පදනම් වූ එම ධෛර්යයෙන්, චරිතයෙන් සහ විශ්වාසයෙන් අනාගතය හැඩගැස්වීම ගැන ඔබට ස්තූතියි.
මහේෂ් අමලීන්
සභාපති - MAS හෝල්ඩිංස්