රතිපත්තීන් යනු, ක්‍රියාවලි, තීරණ සහ යුක්ති සහගත ප්‍රතිඵල ළඟාකර ගැනීම සඳහා වන පරාමිතීන් නිර්වචනය කරන ලේඛනගත නීති රීති සමූහයකි. MAS හි සාරධර්ම, මූලික ශක්තීන් සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සකස් කර තිබේ. අප සංවිධානයට බලපාන සියලුම අභ්‍යන්තර හා බාහිර සාධක ඇතුළත් කරමින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ MAS DNA සමඟ අනුරූපවය.
රතිපත්තිය උල්ලංඝණය කරන ඕනෑම ක්‍රියාවක් MAS DNA ඉක්මවා යෑමක් ලෙස සලකනු ලබන අතර ඒ සඳහා දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ඇත. වැඩිදුර පැහැදිලි කිරීම සඳහා කරුණාකර ඔබේ SBU / ප්‍රාදේශීය / කණ්ඩායම් කේත නිලධාරීන් හෝ මානව සම්පත් අංශය හා සම්බන්ධ වන්න.
අපේ ජීවිතයේ විශාලතම අංගවලින් එකක් වන සමාජ මාධ්‍ය ජාල, පුද්ගලයන්ට තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට, අන්තර්ගතයන් බෙදා ගැනීමට, අන් අය සමඟ පොදු ආකාරයකින් කටයුතු කිරීමට සහ පුද්ගලික සන්නිවේදනයන් භාවිතා කරමින් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. මෙම ප්‍රතිපත්තිය මගින් අප සේවකයින් සේවා පරිසරය තුළ සහ ඉන් පිටතදී සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ MAS හි අපේක්ෂාවන් දක්වා ඇත.
ප්රමුඛ වැඩ රාජකාරිවලට බාධා නොවන අයුරින් සේවකයින් සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු අතර එය අපගේ MAS DNA හා ඒ ආශ්රිත ප්‍රතිපත්ති සමඟ අනුකූල විය යුතුවේ. සමාජ මාධ්‍යවල “පුද්ගලික” සහ “රහසිගත” භාවිතය අතර ඇති වෙනස තේරුම් ගෙන, ඕනෑම ආකාරයක සමාජ මාධ්‍යයක් භාවිතා කරන විට MAS හි රහස්‍යභාවය සහ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය හා අනුකූලව කටයුතු කළ යුතුය.
MAS හි අප විශ්වාස කරන්නේ අක්‍රමිකතා හෙලිකරන්නන්ට (Whistleblowers) අපගේ සේවකයන්, ව්‍යාපාරය සහ කීර්තිනාමය ආරක්ෂා කිරීම සඳහා වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බවයි. MAS අක්‍රමිතා හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය මඟින් MAS සමූහයේ සියලුම අදාළ පාර්ශ්වයන්ට, එනම් සේවකයන්ට සහ MAS සමඟ සම්බන්ධතා ඇති තෙවන පාර්ශ්වයන්ට, වහාම අවධානය යොමු කළ යුතු ඕනෑම නීති විරෝධී, අනීතික හෝ නුසුදුසු හැසිරීම්, ක්‍රියාකාරකම්, සිදුවීම් හෝ අතපසුවීම් වාර්තා කිරීමට දිරිගන්වයි. මෙය MAS ප්‍රතිපත්ති සහ සාරධර්ම උල්ලංඝනය කිරීම්වලට පමණක් සීමා නොවන අතර, අවංකභාවය සහ විනිවිදභාවය යන ඉහළම ප්රමිතීන් පවත්වාගෙන යාමට අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි.
සේවකයකුගේ ව්‍යාපාර විනිශ්චය සහ තීරණ ගැනීම අනවශ්‍ය පුද්ගලික අවශ්‍යතාවලට බලපෑම් නොකරන බව සහතික වන අයුරින් ව්‍යාපාර පැවැත්වීමට MAS කැපවී සිටී.
සේවකයෙකුගේ ව්‍යාපාර විනිශ්චය සහ තීරණ ගැනීම් වෙත බලපෑමක් නොවන බවට සහතික කරමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට MAS කැපවී සිටියි.
සේවකයකුගේ පෞද්ගලික අවශ්‍යතාවන් MAS හි දී තීරණ ගන්නා අවස්ථාවක් වෙත බලපාන විටකදී හෝ බලපෑමට ඉඩ ඇති අවස්ථාවකදී මත ගැටුමක් නිර්මාණය වේ. මෙම ප්‍රතිපත්තියේ අරමුණ එවන් ගැටුම් ඇතිවීම වැළැක්වීම සහ/හෝ පාලනය කිරීමයි.
මත ගැටුමක් ඇතිවන ඕනෑම අවස්ථාවකදී MAS විසින් හෙළිදරව් කිරීම, සම්මුතියකට එළඹීම, ඒ අනුව ක්‍රියාකිරීම යන ත්‍රිත්ව නීති ක්‍රමවේදයකින් එම අවස්ථාව වෙත ප්‍රතිචාර දක්වනු ලබයි.
ව්‍යාපාරික වශයෙන් තෑගි ලබා දීම සහ ලැබීම මෙන්ම ව්‍යාපාරික විනෝදාස්වාදයන් සඳහා සත්කාරකත්වය සැපයීම සහ පිළිගැනීම මගින් තෙවන පාර්ශවයන් සමඟ හොඳ හිත දිනා ගත හැකි අතර එය සාර්ථක ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යාමේ ක්‍රමයක් වේ. එනමුත්, තෑගි මගින් අපගේ ව්‍යාපාර සම්බන්ධතාවල අඛණ්ඩතාව අඩපණ කළ හැකි හා අවභාවිතා කළ හැකි බැඳියා පිළිගැටුම් වෙත හේතු විය හැකිය.
MAS සේවකයින් විනිවිදභාවය, අඛණ්ඩතාව, සුදුසු ක්‍රමවේදය අනුගමනය කිරීම සහ තෑගි හුවමාරු කර ගැනීමේදී සහ ව්‍යාපාරික විනෝදාස්වාදයේ යෙදෙන විට හොඳ විනිශ්චයකින් යුතුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප්‍රතිපත්තියේ පරමාර්ථය වන්නේ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ රජයේ අධිකාරීන් ඇතුළුව ඒවාට පමණක් සීමා නොවී තෙවන පාර්ශවයන් සමඟ ද ත්‍යාග හුවමාරු කර ගැනීම් සහ ව්‍යාපාරික විනෝදාස්වාද කටයුතුවල නියැලීම සඳහා සම්මත මාර්ගෝපදේශනයන් සහ වගකිවයුතු පිළිවෙත් සකස් කිරීමයි.
පවරා ඇති වගකීම් සුරක්ෂිතව හා කාර්යක්ෂමව ඉටු කිරීමේ අවශ්‍යතාවය මත පදනම්ව, MAS සිය සේවකයින්ට සහ බලයලත් තෙවන පාර්ශවයන්ට එහි තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණ සේවාවන් වෙත ප්‍රවේශය ලබා දෙයි. මෙම ප්‍රතිපත්තිය මඟින් විද්‍යුත් හා භෞතික ස්වරූපයෙන් MAS හි සංවේදී හා ව්‍යාපාර සම්බන්ධ තීරණාත්මක තොරතුරු වත්කම් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා එම තොරතුරු සහ සේවාවන් පිළිගත හැකි භාවිතය සඳහා පැහැදිලි සහ සාධාරණ ප්‍රමිතියක් නියම කරයි. මෙයට අනවසරයෙන් ප්‍රවේශ වීම, භාවිතය, අනාවරණය කිරීම, කඩාකප්පල් කිරීම, වෙනස් කිරීම, ඇඟිලි ගැසීම්, පටිගත කිරීම් වලින් වැළකීම හා එවැනි දේවලින් ආරක්ෂා වන ආකාරය ඇතුළත් වේ. සියලුම MAS සේවකයින් සහ තෙවන පාර්ශවයන්ට එහි තොරතුරු පද්ධති සහ තොරතුරු තාක්ෂණ සේවාවන්ට ප්‍රවේශය ඇති මෙම තොරතුරු පද්ධති භාවිත ප්‍රතිපත්තියට මෙන්ම රහස්‍යතා ප්‍රතිපත්තියට හා තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියට සෑම විටම අනුකූල විය යුතුය.
ආයතනයේ අගයන් සහ ප්‍රතිපත්ති සමඟ අනුකූල වීම සහතික කිරීම සඳහා, මැතිවරණ අපේක්ෂකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටින සහ තේරී පත්වන සේවා නියුක්තිකයන් සඳහා මෙම මැතිවරණ සහ මැතිවරණ ප්රචාරක කටයුතු පිළිබඳ ප්‍රතිපත්තිය මගින් මාර්ගෝපදේශ සපයයි.
MAS විසින් නිර්මාණය කරන ලද රහස්‍ය තොරතුරු වනාහි වටිනා සම්පත් වන බැවින් එහි වටිනාකම ආරක්ෂා කරන්නේ කෙසේදැයි දැන ගැනීම වැදගත් ය. MAS හි සේවකයින් වශයෙන්, අපි තෙවන පාර්ශවයන්ගේ රහස්‍ය තොරතුරු වෙත වැඩි රහස්‍ය බවක් ලබා දෙන අතර එම තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු වේ. මෙම ප්‍රතිපත්තියේ පරමාර්ථය වන්නේ සේවකයින් සහ වෙනත් අය රහස්‍ය තොරතුරු හසුරුවන ආකාරය හෝ පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි, සාධාරණ හා යුක්ති සහගත මාර්ගෝපදේශයක් ස්ථාපිත කිරීම වන අතර එමඟින් MAS හි තරගකාරී බව සහ අඛණ්ඩ සාර්ථකත්වය පවත්වා ගෙන යනු ඇත.
MAS සේවකයෙකු හෝ උපදේශකයෙකු ලෙස ඔබ අමුත්තන් සහ තෙවන පාර්ශවයන් සමඟ ගනුදෙනු කරන්නේ නම්, ඔබ අපගේ රහස්‍ය තොරතුරු හෙළිදරව් කරන විට හෝ නිරාවරණය කරන විට හෝ අන් අයට අයත් රහස්‍ය තොරතුරු සමග කටයුතු කරන විට මෙම ප්‍රතිපත්තිය හා අනුකූල වන බවට වග බලා ගැනීම ඔබේ වගකීම වේ. ඔබට කිසියම් සැකයක් තිබේ නම් ඔබගේ රේඛීය කළමනාකරු, IP අවදානම් කළමනාකරු සහ / හෝ සමූහ නෛතික අංශය සම්බන්ධ කර ගත යුතුය.
වෙනස් කොට සැලකීම ඍජුව හෝ වක්‍රව සිදුවිය හැකි අතර රැකියාවට නොගැලපෙන ලෙස පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අසාධාරණ ලෙස සහ / හෝ අහිතකර ලෙස සැලකීම/පෙළඹවීම සිදු විය හැක. හිරිහැරයක් සිදුවන්නේ පුද්ගලයෙකුගේ කැමැත්තට එරෙහිව ශාරීරිකව, වාචිකව හෝ දෘශ්‍ය ස්වරූපයෙන් සලකනු ලැබීමෙන් වන අතර එමඟින් අප්‍රසන්න, එදිරිවාදී හෝ තැතිගන්වනසුළු රැකියා පරිසරයක් නිර්මාණය වේ.
සියලු පුද්ගලයින් සම්බන්ධයෙන් ව්‍යාපාරික අවශ්‍යතා, රැකියා අවශ්‍යතා සහ පුද්ගල කුසලතා මත පදනම් වූ තීරණ ගැනීමේදී වෙනස්කම් කිරීම් හා හිරිහැරවලින් තොර පරිසරයක් උරුම කර දීමට MAS කැපවී සිටී. MAS හි සේවකයින් වශයෙන්, අන් අයට ගෞරවයෙන් හා අන්‍යෝන්‍ය ගරු බහුමානයෙන් සැලකීම තුළින්, වෙනස් කොට සැලකීම් සහ හිරිහැරවලින් තොර සේවා වාතාවරණයක් පවත්වා ගැනීමට ඔබට හැකි වේ. වෙනස් කොට සැලකීම් හෝ හිරිහැර කිරීම්වල යෙදෙන පුද්ගලයින්ව රැකියාවෙන් ඉවත් කිරීම දක්වා වූ විනය ක්‍රියාමාර්ගවලට යටත් කරනු ලැබේ.