පැමිණිලි වාර්තා කිරීම

MAS චර්යා ධර්ම සංග්‍රහය භාවිතා කරන්නේ කෙසේද?

MAS චර්යා ධර්ම සංග්‍රහය යනු කුමක්ද?

  • MAS සතු වටිනාකම් ‘පහසුවෙන් වටහාගත හැකි මඟපෙන්වීම් මාලාවක්’ ලෙස පෙන්වා දෙයි, එමගින් දෛනිකව සිදු වන තීරණ ගැනීම්වලට හා ක්‍රියාවන්ට සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ.
  • අපි අපේ සියලු කොටස්කරුවන් සමග ආචාර ධර්මවලට අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමක් ලබා දෙයි.
  • MAS සතු වටිනාකම්වලට අනුකූල නොවන අවස්ථාවන් පිළිබඳව වාර්තා කළ හැකි ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙයි.

අපට චර්යා ධර්ම සංග්‍රහයක් අවශ්‍ය වන්නේ ඇයි?

  • MAS වටිනාකම් පවත්වාගෙන යාමට අප දී ඇති ප්‍රතිඥාව පිළිබිඹු කරයි.
  • MAS ආයතනයටම ආවේණික වූ සුවිශේෂී සංස්කෘතිය රැක ගැනීමට අපට මඟ පෙන්වා දෙයි.

චර්යා ධර්ම සංග්‍රහය අදාළ වන්නේ කා කාටද?

  • MAS ආයතනයේ සහ සියලුම අනුබද්ධ ආයතනවල සේවා නියුක්තිකයන් චර්යා ධර්ම සංග්‍රහයට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වේ.

චර්යා ධර්ම සංග්‍රහය භාවිත කළ යුත්තේ කෙසේද?

  • චර්යා ධර්ම සංග්‍රහයේ එක් එක් ඒකකය සහ අනු ඒකකය තුළ පහත සංරචක අඩංගු වේ:

    හැඳින්වීම
    අදාළ අංශය තුළ අඩංගු වන කරුණු, ඒවායේ වැදගත්කම සහ එම අංශය ප්‍රගුණ කිරීමට වැදගත් වන උපදෙස් යනාදිය පිළිබඳව පැහැදිලි කිරීමක් අඩංගු වේ.

    මාතෘකාව සහ උප මාතෘකාව
    සංග්‍රහයේ ප්‍රධාන ඒකක හත පිළිබඳව සහ අනු ඒකක දහහතර පිළිබඳව දැක්වේ.

    මඟපෙන්වීම් ප්‍රතිපත්තිය
    අදාළ අංශය පිළිබඳව MAS ආයතනය දරන මතය පැහැදිලි කෙරේ.

    ප්‍රධාන අදහස් (කළ යුතු දෑ හා නොකළ යුතු දෑ)
    MAS ආයතනයේ “මඟපෙන්වීම් ප්‍රතිපත්තිය” එදිනෙදා තීරණ ගැනීම් හා ක්‍රියාවන්ට පරිවර්තනය වන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරේ.

    සන්දර්භයන්
    ආචාර ධර්මවලට අනුව ප්‍රශ්නකාරී තත්ත්වයන් මතු විය හැකි කල්පිත සන්දර්භයන් පිළිබඳව විස්තර කෙරෙන අතර එවන් අවස්ථාවල කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කෙරේ.

    අදාළ ප්‍රතිපත්තීන්
    ඉහත අවස්ථාවන්ට අදාළ විය හැකි මානව සම්පත් කළමනාකරණ (HR) අංශයේ ප්‍රතිපත්ති හා අතිරේක දෙපාර්තමේන්තු ප්‍රතිපත්තීන් අධ්‍යයනය සඳහා අඩංගු කර ඇත.

MAS DNA චර්යා ධර්ම සංග්‍රහය

සියල්ල කියවන්න PDF ලෙස බාගන්න

චර්යා ධර්ම යනු චරිතයක - එය පුද්ගලයෙකු වුවත්, කටයුත්තක් වුවත්, ආයතනයක් වුවත් - හොඳම සාධනීය ලක්ෂණයයි. මෙම සංග්‍රහය ප්‍රගුණ කිරීමෙන් අපගේ වටිනාකම් MAS හි අනාගතය වෙත ද දායාද වීම තහවුරු කිරීමේ අපේ වගකීම ඉටු වේ.

ශාඩ් අමලීන්
උප සභාපති,
MAS හෝල්ඩිංස්