පැමිණිලි වාර්තා කිරීම
  • MAS DNA යනු කුමක්ද?

    අපගේ චර්යාධර්ම පද්ධතිය හෙවත් MAS DNA එදිනෙදා තීරණ ගැනීමේ සහ ක්‍රියාවන්ට සහාය දැක්වීම සඳහා MAS හි හරය ‘තේරුම් ගැනීමට පහසු මාර්ගෝපදේශයක්’ බවට පරිවර්තනය කරයි. සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා වූ අපගේ පොරොන්දුව MAS DNA පිළිබිඹු කරන අතර අද්විතීය MAS සංස්කෘතිය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපව නිවැරදි මග යොමු කරයි. එය අපගේ පාර්ශවකරුවන් සමඟ සදාචාරාත්මකව කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ සපයයි. MAS DNA විසින් MAS සාරධර්ම පිළිපැදීමට නොහැකි වූ විට වාර්තා කරන්නේ කෙසේද යන්න පිළිබඳ යාන්ත්‍රණයන් ද ගෙන එයි.

  • MAS DNA දරා සිටින කුළුණු මොනවාද සහ ඒවායින් අදහස් කරන්නේ කුමක්ද?

    • මිනිසුන්ට ගරු කිරීම

    බහු සංස්කෘතික සහයෝගීතාව, කණ්ඩායම් වැඩ සහ සහභාගීත්ව කළමනාකරණය වෙනුවෙන් පෙනී සිටින අතරම අපගේ ජනතාව සවිබල ගැන්වීම සඳහා අපි කටයුතු කරන්නෙමු. නිහතමානිකම MAS හි නහරවල දිවෙන අතර එය සෑම කෙනෙකුම අගය කරන ගුණාංගයකි.


    • වත්කම් ආරක්ෂා කිරීම

    අපගේ සමාගම ආරක්ෂා කිරීම සඳහා යතුර MAS වත්කම් ආරක්ෂා කිරීම බව අපි විශ්වාස කරන්නෙමු. වත්කම් සාධනීයව හා කාර්යක්ෂමව කළමනාකරණය කිරීමෙන් වැඩි අගයක් හා වැඩි ඵලදායිතාවක් ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර අවදානම් අවම වෙයි. අවංකභාවය, අව්‍යාජත්වය සහ විනිවිදභාවය පිළිබඳ පුහුණුව මඟින් සමාගමේ වත්කම් ඥානාන්විතව ආරක්ෂා කිරීමට එය අපට ඉඩ සලසයි. බලය පැවරීමේ නිදහස භුක්ති විඳින අතරම අපගේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අප වගකිව යුතුය.


    • ගනුදෙනුකරුවන් අගය කිරීම

    අපගේ ගනුදෙනුකරුවන් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සම්බන්ධතාවයක් ඇති සමාන හවුල්කරුවන් වේ. ඔවුන් MAS හි අපගේ කාර්යභාර්යට අරමුණක් එක් කරයි. අඛණ්ඩතාව තහවුරු කිරීමෙන් සහ විශ්වසනීයත්වය ගොඩනඟා ගැනීමෙන් අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය, අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය උපයා ගන්නෙමු.


    • තිරසර සබඳතා

    ගතික ව්‍යාපාරික පරිසරයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය වැදගත් අංගයක් ලෙස අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වකරුවන් සමඟ ඇති සම්බන්ධතා අපි සලකන්නෙමු. සියලුම පාර්ශවකරුවන් සමඟ අපගේ සම්බන්ධතා බාධාවකින් තොරව කළමනාකරණය කිරීමෙන් පාරිභෝගිකයින්ට පරිපූර්ණ විසඳුම් ලබා දීමට අපට හැකි වේ.


    • සදාචාරාත්මකව තරග කිරීම

    අපගේ ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට අපගේ තරගකරුවන්ට සමාන අවස්ථාවක් ඇති බව අපි විශ්වාස කරන්නෙමු. එහෙයින් සුවිශේෂී වටිනාකමක් ලබා දීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් ලබා දීමට වැඩි අවස්ථාවන් ලැබෙනු ඇත. අපි අඛණ්ඩව තරග කරමින් තරගය තේරුම් ගැනීම කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට උපකාරී වේ.


    • ප්‍රජාවන් පෝෂණය කිරීම

    MAS හි මූලයන් අපගේ බොහෝ SBU ක්‍රියාත්මක වන ග්‍රාමීය ප්‍රජාවන් වෙත ගැඹුරට දිව යයි. ප්‍රජාවන් පෝෂණය කිරීමෙන් සහ සහයෝගය ලබා දීමෙන්, අපි අපේ ජනතාවගේ අනාගතය සඳහා ආයෝජනය කරන්නෙමු. අපගේ ප්‍රජාවන්ට ගෞරවයෙන් හා නිහතමානීව සේවය කිරීමට අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නෙමු. සහයෝගීතාව, කණ්ඩායම් උත්සාහය සහ එකමුතුකම නිසා පරිකල්පනයෙන් ඔබ්බට ගොස් ප්‍රජාවන් සවිබල ගැන්වීමට අපට හැකි වේ.


    • නීතියට අනුගත වීම

    අනුකූලතාවය අත්‍යවශ්‍ය බවත් එය MAS හි අනිවාර්ය අංගයක් බවත් අපි විශ්වාස කරමු. අප දේශීය හා ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන අතරම ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටිවලින් සමන්විත අපගේම ආයතනික පාලන රාමුවක් ද අප සතුව ඇත.

    අපි රෙගුලාසි පිළිපදින අතර අපගේ සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරමින් සංවිධානයේ වර්ධනය, තරගකාරිත්වය සහ තිරසාර බව සහතික කරන්නෙමු.

  • චර්යාධර්ම පද්ධතිය අදාළ වන්නේ කාටද?

    MAS DNA සියලුම සේවකයින්ට පොදු ය. සමූහය හරහා ප්‍රතිපත්ති, රීති සහ රෙගුලාසි ප්‍රමිතිගත කර ඇත.

  • ආචාර ධර්ම හා අනුකූලතාවය අතර වෙනස කුමක්ද?

    ආචාර ධර්ම යනු මිනිසුන් තීරණ ගන්නා සහ හැසිරෙන මාර්ගෝපදේශක මූලධර්ම වේ. අනුකූලතාවය යනු ස්ථාපිත මාර්ගෝපදේශ හෝ නීති සම්පාදනයන්ට අනුකූලව පාලනය හෝ ක්‍රියාවලියයි. එහි සාරධර්මවලට අනුකූල වන හැසිරීම් දිරිගැන්වීම සඳහා ආචාර ධර්ම හා අනුකූලතාව යන දෙකම වැදගත් වේ.

  • MAS DNA ආරක්ෂා කිරීම සඳහා MAS සේවකයෙකු ලෙස මගේ වගකීම කුමක්ද?

    කේතය හොඳින් අවබෝධ කරගැනීම

    • සෑම විටම චර්යාධර්ම පද්ධතිය, සමාගම් ප්‍රතිපත්ති සහ නීතිය කියවීම, තේරුම් ගැනීම සහ අනුකූල වීම.

    • චර්යාධර්ම සංග්‍රහය සහ MAS සාරධර්ම වෙනුවෙන් පෙනී සිටින්න.

    • ‘සදාචාරාත්මක මාවත’ අනුගමනය කරන්න; MAS සදාචාරාත්මක තීරණ ගැනීමේ ආකෘතිය සහ ඔබ වැඩ කිරීමේදී සදාචාරාත්මක උභතෝකෝටිකයන්ට මුහුණ දෙන විට හොඳ විනිශ්චයක් භාවිතා කරන්න.

    • ඔබ කළමනාකරුවෙකු නම්, ආදර්ශමත්ව මෙහෙයවන්න. කේතය පිළිබඳව ඔබේ කණ්ඩායම දැනුවත් කරන්න, ගැටළු මතු කිරීමට සහ අනුකූල නොවීම වැළැක්වීමට ඔවුන්ට පහසුවක් දැනෙන පරිසරයක් නිර්මාණය කරන්න.


    පැහැදිලි කිරීම් සොයන්න

    • මේ අවස්ථාවන්හි දී ඔබේ SBU, ආංශික හෝ සමූහ කේත නිලධාරි (කෝඩ් ඔෆිසර්) හෝ DNA උපකාරක කවුළුවෙන් පැහැදිලි කිරීම් ලබා ගන්න:

      • කේතය, සමාගම් ප්‍රතිපත්ති හෝ නීතිය සම්බන්ධ ප්‍රශ්න ඔබට ඇති විට.

      • ඔබ සදාචාරාත්මක උභතෝකෝටිකයකට මුහුණ දී ඇති අවස්ථාවකදී තීරණයක් ගැනීමට පසුබට වන විට.


    කතා කරන්න

    • විවෘත හා අවංක සන්නිවේදනයක් ඇති කිරීම සඳහා MAS හි අපි වෙහෙස මහන්සි වී වැඩ කරමු. එබැවින්, අනුකූල නොවීම නිසා පීඩාවට පත් වන්නේ කාටද යන්න නොසලකා, MAS හි යහපැවැත්ම පිළිබඳව වහාම අවධානය යොමු කිරීම ඔබේ වගකීමකි.

      ඔබ පෙරමුණ ගෙන ඇමතිය යුත්තේ:

      • ඔබ කේතය උල්ලංඝණය කර ඇති විට

      • කිසිවකු කේතය උල්ලංඝණය කර ඇති විට (ඔබ වින්දිතයා හෝ නිරීක්ෂකයෙකු වශයෙන්).

      • කිසිවකු සදාචාර විරෝධී ලෙස ක්‍රියා කර ඇති විට (කේතය අදාළ ක්‍රියාව සඳහන් නොකළද).

      • යමෙකු කේතය උල්ලංඝණය කළ හැකි බවට සාක්ෂි තිබෙන විට.

      • ගැටළු විශ්වාසයෙන් යුතුව වාර්තා කිරීම පිළිබඳව අපි ඔබව විශ්වාස කරමු. කීර්ති නාමයට කැළලක් ඇති කිරීම සඳහා හිතාමතාම බොරු චෝදනා ඉදිරිපත් නොකරන්න. එවැනි පදනම් විරහිත චෝදනා බරපතල පෞද්ගලික හා වෘත්තීය හානිවලට තුඩු දිය හැකිය. එසේ කිරීම සංග්‍රහයට අනුකූල නොවීම හා විනය ක්‍රියාමාර්ගවලට තුඩු දිය හැකිය.

      • අනුකූල නොවීම සම්බන්ධ සියලු විමර්ශන සම්බන්ධයෙන් වරින් වර තොරතුරු සත්‍යාපනය කිරීමට අපට ඔබගේ සහාය අවශ්‍ය විය හැකිය. එම නිසා, එවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් අප ඔබ වෙත ළඟා වුවහොත් ඔබ විවෘතව, අවංකව සහ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

  • මගේ සගයාගේ හැසිරීම ගැන මට කනස්සල්ලක් ඇත. ඔහුගේ / ඇයගේ ක්‍රියාව MAS DNA අනුකූල නොවන බවට මා පැහැදිලි කරන්නේ කෙසේද?

    එය MAS DNA සමඟ අනුකූලද යන්න තීරණය කිරීම සඳහා ඔබට “සදාචාරාත්මක මාවත” ගැන සිතිය හැකිය.

    එය අනුකූල නොවේ නම්, කරුණාකර ඒ පිළිබඳව වාර්තා කිරීමට වග බලා ගන්න. යම් ක්‍රියාවක් වාර්තා කිරීමට පෙර චර්යාධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීමක්දැයි ඔබ ම තීරණය කිරීම වැදගත්ය.

  • MAS DNA උල්ලංඝණය කරන සගයකු මා දැක ඇත. මා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?

    ඔබේ SBU, ආංශික හෝ සමූහ කේත නිලධාරීන් (කෝඩ් ඔෆිසර්) වෙත ගොස් ඔබට කථා කළ හැකිය. කෙසේ වෙතත්, ඔබ එසේ කිරීමට කැමති නම්, ඔබට MAS DNA උපකාරක කවුළුව හා සම්බන්ධ විය හැකිය. DNA උපකාරක කවුළුව සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ ස්වාධීන වාර්තාකරණ සේවාවක් වන අතර එය දිනකට පැය 24 ම සතියේ දින 7 ම ලබා ගත හැකිය. ඔබට අවශ්‍ය නම් නිර්නාමිකව සිටිය හැකිය.

  • යමෙකු අයහපත් අරමුණකින් චෝදනාවක් කළහොත් ඇතිවන ප්‍රතිවිපාක මොනවාද? (උදා: සේවකයකුගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීම)

    කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින්, ද්වේෂ සහගතව වැරදි චේතනා සහිතව පදනම් විරහිත අසත්‍ය චෝදනා වාර්තා කිරීම, MAS DNA වෙත අනුකූල නොවීම හා සමානය.

  • MAS DNA පොත හැරුණු විට චර්යාධර්ම පද්ධතිය පිළිබඳව මා දැනුවත් කිරීමට ඇති වෙනත් සම්පත් මොනවාද?

    චර්යාධර්ම පද්ධතියේ විවිධ පැතිකඩයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා MAS DNA සඳහා සහාය වන ප්‍රතිපත්ති, රාමු සහ මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක වේ. වැඩි විස්තර සඳහා ඔබට වීඩියෝ සහ අදාළ ප්‍රතිපත්තිය / මාර්ගෝපදේශය පරිශීලනය කළ හැකිය.

  • මත ගැටුමක් යනු කුමක්ද?

    මත ගැටුමක් යනු අපගේ පුද්ගලික අවශ්‍යතා MAS හි අභිලාෂයන් සමඟ ගැටෙන අවස්ථාවන් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සේවකයෙකු සමාගමේ ගනුදෙනු වලින් ඍජු පුද්ගලික වාසි ලබා ගත හැක.

    මෙවැනි අවස්ථා ඔබේ රේඛීය කළමනාකරුට / කේත නිලධාරියාට සම්මත ආකෘති පත්‍රය මගින් අනාවරණය කිරීම වැදගත්ය. සම්මත අනාවරණ ආකෘති පත්‍රය