DNA සමග අනුකූල නොවන බව වාර්තා කිරීමට සේවකයින් දිරිමත් කරනු ලබන අතර වාර්තා කිරීම සඳහා සම්බන්ධ වීමට ආකාර කිහිපයක් තිබේ. මානව සම්පත් (HR) වෙතින් සහ මානව සම්පත් නොවන කටයුතු සඳහා සෑම SBU එකකටම කේත නිලධාරීන් දෙදෙනෙක්, අංශ හා කණ්ඩායම් මට්ටමින් පත් කර ඇත. සිද්ධියේ බරපතලකම සහ අපේක්ෂිත රහස්‍යභාවය මත පදනම්ව සේවකයින්ට තම ගැටළු ඉදිරිපත් කිරීම සඳහා මෙම ඕනෑම කේත නිලධාරියෙකු හමුවිය හැකිය.
මෙම කේත නිලධාරීන් සමඟ කෙලින්ම කථා කිරීමට අකමැති සේවකයින්ට වෙබ් හෝ දුරකථන මාර්ගයෙන් නිර්නාමික පැමිණිල්ලක් DNA උපකාරක කවුළුව වෙත ඉදිරිපත් කළ හැකිය. DNA උපකාරක කවුළුව මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත්, ස්වාධීන සහ රහස්‍ය සේවා සැපයුම්කරුවෙකු වන නවෙක්ස් ග්ලෝබල් විසිනි. දුරකතනයෙන් හෝ වෙබ් අඩවියට පිවිසීමෙන් සේවකයින්ට ඔවුන්ගේ පැමිණිලි ඍජුව ලබා දිය හැකි තනි කළමනාකරණ වේදිකාවක් එය ලබාදෙයි.
කිසිදු තත්ත්වයක් යටතේ පැමිණිලි නිෂ්ප්‍රභ කරනු නොලැබේ. MAS පාලන කමිටුව / විමර්ශන කණ්ඩායම සහ අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් විසින් පැමිණිල්ල සහ විමර්ශන ක්‍රියාවලිය වාර්තා කිරීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ රහස්‍යභාවය පවත්වාගෙන යනු ඇත.
පළිගැනීම් අපේක්ෂාවන්: පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හෝ ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම, වින්දිතයෙකුට සහාය වීම හෝ විමර්ශනවලට සහභාගී නොවීම; MAS DNA (චර්යාධර්ම පද්ධතිය) සහ ප්‍රතිපත්තියට අනුකූල නොවීමකි. තවද, කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින්, ද්වේශ සහගතව වැරදි චේතනා සහිතව පදනම් විරහිත අසත්‍ය චෝදනා වාර්තා කිරීම ද MAS DNA වෙත අනුකූල නොවීමකි.
MAS පාලන කමිටුවේ / විමර්ශන කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් ඔබව සම්බන්ධ කර ගනු ලැබුවහොත්, විවෘතව, අවංකව සහ රහස්‍යභාවය පවත්වා ගනිමින් අඛණ්ඩ පරීක්ෂණ සඳහා සහාය වීම ඔබේ වගකීමකි.
MAS ප්‍රතිවිපාක කළමනාකරණ රාමුවේ දක්වා ඇති මාර්ගෝපදේශ මත පදනම්ව, ප්‍රතිපත්තියට අනුකූල නොවීම MAS පාලන කමිටුව විසින් විසඳනු ඇත. ප්‍රතිපත්තිය උල්ලංඝණය කර ඇති බව පෙනී යන පුද්ගලයින්ව රැකියාවෙන් ඉවත් කිරීම දක්වාවූ විනය ක්‍රියාමාර්ගවලට යටත් කරනු ලැබේ. අදාල වරද ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ආවරණය වුවහොත් එම දඬුවම් ලැබීමට ද සිදුවේ.
1. ‘බලපෑම් විස්තරය’ හි දක්වා ඇති දේවල්වල (මූල්‍ය, සේවා සැපයීම ආදිය) බලපෑමේ 6 වන කොටස බලන්න. අනුකූල නොවීමේ ක්‍රියාවෙන් බලපෑමට ලක්වූ වපසරිය හඳුනා ගන්න.
2. බලපෑමේ මට්ටම හඳුනා ගැනීම; දැඩි, බලවත්, මධ්‍යස්ථ හෝ සුළු. විවිධ මට්ටම්වලට බලපෑම් කරන්නේ නම්, ඉහළම මට්ටමේ බලපෑමක් ඇති ප්‍රදේශය සමස්ත බලපෑමේ මට්ටම තීරණය කිරීමේ තීරණාත්මක සාධකය වනු ඇත. උදා: මූල්‍යමය බලපෑම දැඩි නම් සහ පාරිසරික බලපෑම මධ්‍යස්ථ නම්, සමස්ත බලපෑමේ මට්ටම දැඩි වනු ඇත.
3. ‘චේතනා මට්ටම’ හඳුනා ගන්න; අවංක වැරැද්ද, නොසැලකිලිමත්, නැවත නැවත වරදක් හෝ හිතාමතා කළ වැරැද්දක්.
4. අවදානම් මට්ටම හඳුනා ගැනීම; අන්ත, ඉහළ, මධ්‍යම හෝ අඩු.
1. එක් එක් අවදානම් කාණ්ඩ සඳහා ගත යුතු ප්‍රතිවිපාක / ක්‍රියාමාර්ග තේරුම් ගන්න.
2. MAS DNA සහ ඒ ආශ්‍රිත ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි ශක්තිමත් කිරීමේදී නිසි ක්‍රියාවලිය හඳුනාගෙන එය අනුගමනය කරන්න.
Click here to access the PDF ලෙස බාගන්න